Skip to main content
පෙට්ටි ගෙයින් තට්ටු ගෙයට - කෙටි පාර දුවේ

මවා හීන අරුමෝසම් 
හීන දොරෙන් වැට පැනපන්...
කාසි ඇහිදිනා එකෙකුට
නොබිදෙන ලෙස බහ දීපන්
පෙට්ටි ගෙයින් තට්ටු ගෙයට - කෙටි පාර දුවේ
කිට්ටු කරන් හිත දුන්නට - අච්චුවක් නොවේ

තට්ටු ගණන් මිටි බැදලා කාසි නැති පුතේ
පිට පාරෙන් යන දීගෙත් වැරුද්දක් නොවේ
රට්ටු කියන කතා නිසා දුක් නොවී හිතේ
ඉන්න හැකිය නුඹ සතුටින් උන්නොතින් එහේ

කිට්ටු කරන් ලග රුදිලා ඉන්න අය වටේ 
වෙට්ටු දමා හැමදාමත් තියයි අපි මෙහේ
කිට්ටු වෙලා තට්ටු ගෙයට යන දාට මගේ
හිතත් යාවි පෙට්ටි ගෙයින් ඈතකට දුවේ

Comments

Popular posts from this blog

ප්‍රේමයෙන් බර වෙලා

එළිපත්ත උඩ නටන
මැද මහේ සඳ එළිය
නුඹේ මුහුණට හුඟක් ලං වෙලා
පංසලේ පිංකමේ
හිනා උනු මල නුඹය
සෙනෙහ බව කියන්නත් බැරි උනා

බිම වැටුනු සඳ එළිය
මුමුණනා කසු කුසුව
නුඹේ මුදු සිනා හඩ විසිරුවා
ආදරෙන් බර වෙලා
මගේ හදවත බෝම
නුඹේ මතකෙන් නිතර ඇවිලෙනා

පිණි ඉසුණු තණ බිස්ස
සිප ගන්න කොට දෙපය
නුඹේ කිං කිණි හඩද සිත් උනා
ප්‍රේමයෙන් බර වෙලා
මගේ හදවත බෝම
නුඹේ මතකේ ලඟම දැවටෙනා

චන්ද්‍ර මණ්ඩලේ.....

මුලින්ම ඔයාල වෙනුවෙන් තෝරගත් "ලාංකීය ගී කලාවේ සුනිල හඩ" නැත්නම් සුනිල් එදිරිසිංහයන්ගේ නැවුම් හඩි සුගැයෙන අපූරු ගීතයක්...... මේ ගීතය මුලින්ම තෝර ගත්තේ ගීතයේ අරුත හොයන් යන්දි බොහොම අපූරු කථාවක් ගීතයේ වචන ගැන අහන්න ලැබුනු නිසයි.....

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹබා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟ තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ

දරු සෙනෙහස ගැන අපූරුම කතාවක් ගෙන එන මේ සොඳුරු නිර්මාණයේ පද රස විදින්න හැබෑම උනන්දුවක් ඔයාලට ඇති කරවන්නයි මගේ උවමනාව

ගීතයේ මුල්ම පේලියේ

චන්ද්‍ර මණ්ඩගේ සැතපුණු පුංචි සාවියේ කියන පේලිය දැක්ක ගමන් ඔයාලට නිසැකවම මතක් වේවි පුංචි කාලේ හදේ හාවෙක් ගැන අපි අහපු කතාන්දර... මෙතනදිනම් ගීතයෙන් එවැන්නක්
එක පාරම හිතට ආවත් බිහිවන්නේ එයින් එහාට ගිය අපූරු අරුතක්....
චන්ද්‍ර මණ්ඩලය…
කදුළු හංගන් ඉතිං 

නොතෙරුන පුංචි දේ
නුඹ මගෙන් වෙන් කලා
තේරුනත් බොහෝ දේ
නුඹට අමතක උනා

වෙන් වෙන්න තනනකොට
වැරදි නුඹ මහ ගොඩක්
දරා ගන්නට බැරිව
වැලපුනා මම හුගක්

ඵලක් නැති නිසා මං
ඹුනිවතින් ඉන්නේ දැං
පෙන් වන්න බැරි දුකිං
කදුළු හංගන් ඉතිං