Skip to main content

Posts

Showing posts from May, 2017
කදුළු හංගන් ඉතිං 

නොතෙරුන පුංචි දේ
නුඹ මගෙන් වෙන් කලා
තේරුනත් බොහෝ දේ
නුඹට අමතක උනා

වෙන් වෙන්න තනනකොට
වැරදි නුඹ මහ ගොඩක්
දරා ගන්නට බැරිව
වැලපුනා මම හුගක්

ඵලක් නැති නිසා මං
ඹුනිවතින් ඉන්නේ දැං
පෙන් වන්න බැරි දුකිං
කදුළු හංගන් ඉතිං

තරු සළකුණු

තරු සළකුණු නිවී ගියා අ`දුරම පමනයි......
අහසක් ඇති බව සිතුනත්.....
ඇති බව නොපෙනෙයි
පොඩි තරුවක් එහි ඇදිලා
අහසක් මැව්වයි
ඒ සළකුණ සම`ග අහස අ`දුරේ ගිලූණයි

දුක හිනැහී සතුට මවා කවියක් කීවයි
අදුර මතින් නැගී තරුව ඈතක ඇදුනයි
දෙනෙත් වසා අ`දුර පුරා තරුවම සෙව්වයි
වළා අදුර කදුළ අතර තනියම දැනුනයි

ඇස මානෙන් තරුව වගේ සිනහව මැකුණයි
පොඩි තරුවක් උනත් විසල් අහසට කදිමයි
ගණ අදුරට මට නොපෙනුනු අහසම වාගෙයි
මගේ හිතත්,පොඩි තරුවත්,මනසත් පටලයි
ඒ උනත් නුඹ ආදරෙයිලූ මටනම්

අනේ මට දැන් අඩන්නත් තහනම්
අපේ සෙනේ ගැන කථාවක් තහනම්
බලන්න තහනම්
දැවටී හිදින්නත් තහනම්
පෙර ම`ගට පා න`ගන්නත් තහනම්
පසු ගමන් මට එන්න දැන් තහනම්
ඒ උනත් නුඹ ආදරෙයිලූ මටනම්

කථා කෙරුවත් නුඹ කථා නැත්නම්
මගේ හිත දුක නුඹට නොම දෙන්නෙම්
නුඹේ මුනිවත මට හොදයි සිතමින්
සිනාසෙමි මම නුඹේ ල`ග ත්‍දාඩමින්

සිනාසුන මුත් නුඹේ සිනා නැත්නම්
කවදාක හෝ සිනා සෙයි හිතමින්
නුඹේ ඉපැරණි සිනා සිහි කරමින්
හිතින් නොවුනත් මුවින් හිනැහෙමි

සිනා උල්පත 

සිනා උල්පත නිමා ලූ නුඹ
සිනා උල්පත රැුගෙන ආ බව
තවම මට මතකයි.
පැමිනිලා යන වසන්තය සේ
එකින් එක මල් බිමට හලලා
නුඹ ගියා පුදුමයි.......

රකිිමි මුනිවත දොඩනු බැරි තැන
ඉන් කඳුළු ඒ නම්.......
සමුගන්න හදනවා නම් නුඹ.........
යන්න නැහැ තහනම්.........

දනිමි ලෝකය වෙනස් වෙන බව
පිලිගන්න බැරි මුත්.........
සැනසෙන්න හදනවා නම් නුඹ........
සොදුරු තැන් සොයම්..........

පෙට්ටි ගෙයින් තට්ටු ගෙයට - කෙටි පාර දුවේ

මවා හීන අරුමෝසම්  හීන දොරෙන් වැට පැනපන්... කාසි ඇහිදිනා එකෙකුට නොබිදෙන ලෙස බහ දීපන් පෙට්ටි ගෙයින් තට්ටු ගෙයට - කෙටි පාර දුවේ කිට්ටු කරන් හිත දුන්නට - අච්චුවක් නොවේ
තට්ටු ගණන් මිටි බැදලා කාසි නැති පුතේ පිට පාරෙන් යන දීගෙත් වැරුද්දක් නොවේ රට්ටු කියන කතා නිසා දුක් නොවී හිතේ ඉන්න හැකිය නුඹ සතුටින් උන්නොතින් එහේ
කිට්ටු කරන් ලග රුදිලා ඉන්න අය වටේ  වෙට්ටු දමා හැමදාමත් තියයි අපි මෙහේ කිට්ටු වෙලා තට්ටු ගෙයට යන දාට මගේ හිතත් යාවි පෙට්ටි ගෙයින් ඈතකට දුවේ
පේ‍්‍රමයේ සැඩ පහර

පේ‍්‍රමයේ සැඩ පහර
රුදුරු බව හැදින්නෙමි
අසුවනා තුරුම එහි අරුත මා නොදත්තෙමි
අස්වනුද ගෙට ගන්න නොහැකි සේ පමා උනි
සියළු දේ අරන් මා ඉතුරු කර නුඹ මැකුණි
පේ‍්‍රමයේ සැඩ පහර රුදුරු බව හැදින්නෙමි

සිනා ඉතිරුනු පැසක ක`දුළු කැට ඉතිරි යයි
දෙනොදාහක් අතර තනි කමම සිනා වෙයි
මුදාගනු බැරි තරම - රිදුම් දෙයි රිදුම් දෙයි

ගිලී ගිලී නෙත් දෙපෙති අ`දුරටම අත වනයි
ඵසක් උනෙ සියල්ලම පමා වී දැයි හිතෙයි
මුදාගනු බැරි මතක - රිදුම් දෙයි රිදුම් දෙයි

මට මගේ මග යන්න.....

ඔබේ මග යන්න....
මට මගේ මග යන්න..... රිදෙනවා නම් නුඹේ දෙපතුල් මගේ අත අල්ලන්.......මගේ ම`ග ඇවිදින් මා අතැර නුඹ යන්න....
මේ මග දිනක මතු යා වෙලා දෙමංසලකදි හමුවෙලා රිදුනු ජීවිත පිරිමදිමු අපි අපේ කම කදුළින් තවා.....
හිත රිදෙන විටකදි හමු වෙලා යලි එන්න බැරි දුර සිහි වෙලා නොතැවි හිදින්න දිරිය ගමු අපි දෙමංසල හමු වන තුරා
‘නුඹ විරුවෙක්’’ මට කියන්න

බලන්න පුත නුඹ බලන්න ඇස ඇර
දොඩන්න පුත නුඹ දොඩන්න මුව ඇර
නුඹ පමනක් අහිමිව යාදෙන් මට....
නුඹේ හඩින්....... නුඹේ ඇසින්........
දුටුව දෙයින් මොර ගෑ වදනින්
හෙටක් තියේ නම් නුඹ මිය ඇදුනත්
බලන්න පුත නුඹ බලන්න
දොඩන්න පුත නුඹ දොඩන්න

වැටෙන්න පුත නුඹ වැටෙන්න
ගැරහිලි හින්දා විදින්න
සැලෙන්න නැති හිත් හදන්න
‘‘ නුඹ විරුවෙක් ’’මට කියන්න

නැගෙන්න පුත නුඹ නැගෙන්න
සුදුසු තැනෙක හිස නමන්න
මා දකිනා ලොව හදන්න
‘‘නුඹ විරුවෙක් ’’ මට කියන්න

තබා මායිමක් උඹලා වට කරලා

වැට ඉනි නැගි වැට මායිම බිදිලා
ගැටී විරසකව ඇයි ක`දුළැලි සැලලා
උනේ එක කුසේ  ගුලි වී උන් නුඹලා
තියා මායිමක් ඇයි ඉනි වැටි තැනලා

අනේ  මුණුබුරන් නැහැ හසරැළි මැකිලා
දෙපැත්තේ වැටේ වැළපෙයි උන් හඩලා
තබා මායිමක් උඹලා වට කරලා
හැකිද ඉනි ලන්න උහුලනු බැහැ මේවා

අහස් වැව් දියට වැට මායිම් නැතිවා
හැලෙනවා වගේ මගෙ කදුළැලි වැටෙනා
තැනු ඉනි වැටි මිය යන දින කෙදිනා
අනේ මං බලා ඉන්නේ  දින ගැනලා

යන්නට හැකි සිනහවක් දෙමින්

සෙවනක්  සෙව්වෙමි ගිමන් නිවන්නට හමුවිය නුඹ මට නොසිතු ලෙසින් සවන පිනන්නට කවි ගී ගැයු නුඹ පවසද නිව්වා සෙනේ දියෙන්.......
තනිවම යන්නට සිතුවද දිවි මග තනියට නුඹ පසු පස ඇවිදින් හැරි බැලූ මට සිනාසුනා නුඹ කියන්න බැරි සැනසුමක් අරන්
සුරතම පටලන් යන්නට හෙට වෙත එනවද පසු පස නොවේ ලගින් බොහො කලක් ඇස රුදුනු ක`දුල පිස යන්නට හැකි සිනහවක් දෙමින්
වැහි වළාවක බර

වැහි වළාවක බර-හදවතේ තියලා.....
මීදුමේ සැගවී........... ඔබ මැකී ගියදා
වැටෙන්නද නොවැටි හිදින්නද....වැහි ලෙසින් ගුගුරා
නෙතු අසයි නිති පියාගෙන ඉමි
මුදනු බැරි හින්දා-ක`දුළු වැහි විලසා

ශේෂ වී ඇති හදවතේ
මුදුනටම නැගිලා...........
කාලයට ඉඩ දී බලා ඉමි
හිරු නැගෙයි හිතලා
සිහිනයක් නම් ඇස ඇරෙනු ඇත
කදුළු වැහි අතුරා....

නග්න වී ඇති පේ‍්‍රමයේ
අරුත හිත තියලා......
පරාජය ම`ග බලාගෙන ඉමි
හැගුම් බර විලසා
සිහිනයක් නම් ඇස ඇරෙනු ඇත
සුසුම් සිර කරලා

මගේ දුවේ......

සුමුදු අතැගිලි නුඹේ
මල් නෙලන්න නොවේ
දුකින් රිදෙනා හිසත් පිරිමැද
නිතර සනසන්නට දුවේ......

මිහිරි කටහඩ නුඹේ
ගී ගයන්නට නොවේ
රිදුම් පිරෙනා නිහ`ඩ හිතකට
හ`ඩක් වන්නට දුවේ.....

ඇසේ කදුළැලි නුඹේ
පෙමක රිදුමට නොවේ
දුකින් සැලෙනා පුංචි හදකට
සවිය වන්නට දුවේ..........