Friday, September 7, 2012

උපන් පූරුවෙ පවට

පිරිත් කර ඉසින්නට
පැන් පොදක් වත් නොමැත
වන්නි වන තුලානේ
මලක්වත් පිපී නැත...
පුදන්නට දන නමා
බැරිය ආතුර හිත....

බුදුන්ටද වැඩ දමා
ධාතු රස්සා කරන
උඩ මළුව වසා ඇත
අපි තවම හූල්ලන

තේජසට හිස නමන
ඇරෙන පිළි ගන්න දොර
හතර වරිගේ අපිට
ඇරෙන්නේ කවදාද?

හාම් පුතුගේ පුතුට
හාම් පුතුනට නිතර
දෙවියනුත් ඉන්නකොට
කුමක් අපි කරන්නද
උපන් පූරුවෙ පවට...



1 comment:

Nipuna Senanayake said...

කතාව ඇත්ත!! ලස්සන ගැලපීමක්..ජය!!