මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.

හිරු වැඩ ඇරී නිරාහාරව ගෙදර එන විට
පාන් පැළ ලග ඇවිත් හිටියා අන්ධකාරය
කුප්පි පානක් පිලේ එල්ලූ නමුත් සඳවත
පුංචි මල්ලී පෙනෙන්නට නැත නිදිද දැන්මම

"පොඩි මල්ලියෙ, පොඩි මල්ලියෙ"
කතා කරති පොඩි තරු කැට
අහසේ සිට අත්වැල් බැද
"හොරෙන් අම්මට එන්න මිදුලට" සද්දයක් නැත

පත්තුකර සඳකඩ පහන, එළිපත්ත උඩ තියා
ඉරීගිය තුන්හිරිය රටා මත දෙදන ඇන
ඔහු අදියි තනිව හිඳ නිශ්චලව
පුංචි ඞ්රොයින් පොතක

ඇයිද ඔය ගසන්නේ
සිදිලාද නුඹේ උල්පත් පෑන
මක් කරන්නද පුංචි මල්ලියෙ
මගේ එක සාටකෙත් සාක්කුව ඉරිලාය
කොයිතරම් තියෙනවද තවත් උත්තර ලියන්න ප‍්‍රශ්න

"තව ප‍්‍ර‍්‍රශ්න රාශියයි ලියන්නට විදියකුත් නෑ තමයි"
ඒත් මම කියන්නම්
අයිය අහගෙන ඉන්න
ඉතිහාසෙ අන්තිම ප‍්‍රශ්නෙට උත්තරය

"අයියණ්ඩිය බිය නොවන්න
පෙන්වන්නම් මම, මැරෙනා හැටි නොව ජීවත් වන හැටි"




රත්න ශ‍්‍රී විජේසිංහ
බිය නොවන්න අයියණ්ඩි කාව්‍ය සංග‍්‍රය

මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.

Comments

Popular Posts

Total Pageviews