Skip to main content

Posts

Showing posts from September, 2012

ආදරේ පුදමයි තමයි

හැම මලක්ම මඩ පාට වෙලා
හැම පිනි බින්දුවක්ම
බොර පාට වෙලා
මන් දන්නෙ නෑ
මං ඉන්නෙ කොහෙද කියල...
උඹට කියන්න...
මගේ කඳුළු ලේ පාට වෙලා...
හීනයක් වෙන්න බෑ...
ඒත් හැබෑවක් කියන්න විශ්වාසයක් නෑ..
මේ හැම මගුලක්ම අස්සෙ මම උඹ ගැන හිතනවා
ආදරේ පුදමයි තමයි
ඒ උනත් මේ තරම්...

මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.

හිරු වැඩ ඇරී නිරාහාරව ගෙදර එන විට
පාන් පැළ ලග ඇවිත් හිටියා අන්ධකාරය
කුප්පි පානක් පිලේ එල්ලූ නමුත් සඳවත
පුංචි මල්ලී පෙනෙන්නට නැත නිදිද දැන්මම

"පොඩි මල්ලියෙ, පොඩි මල්ලියෙ"
කතා කරති පොඩි තරු කැට
අහසේ සිට අත්වැල් බැද
"හොරෙන් අම්මට එන්න මිදුලට" සද්දයක් නැත

පත්තුකර සඳකඩ පහන, එළිපත්ත උඩ තියා
ඉරීගිය තුන්හිරිය රටා මත දෙදන ඇන
ඔහු අදියි තනිව හිඳ නිශ්චලව
පුංචි ඞ්රොයින් පොතක

ඇයිද ඔය ගසන්නේ
සිදිලාද නුඹේ උල්පත් පෑන
මක් කරන්නද පුංචි මල්ලියෙ
මගේ එක සාටකෙත් සාක්කුව ඉරිලාය
කොයිතරම් තියෙනවද තවත් උත්තර ලියන්න ප‍්‍රශ්න

"තව ප‍්‍ර‍්‍රශ්න රාශියයි ලියන්නට විදියකුත් නෑ තමයි"
ඒත් මම කියන්නම්
අයිය අහගෙන ඉන්න
ඉතිහාසෙ අන්තිම ප‍්‍රශ්නෙට උත්තරය

"අයියණ්ඩිය බිය නොවන්න
පෙන්වන්නම් මම, මැරෙනා හැටි නොව ජීවත් වන හැටි"




රත්න ශ‍්‍රී විජේසිංහ
බිය නොවන්න අයියණ්ඩි කාව්‍ය සංග‍්‍රය

මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.

උපන් පූරුවෙ පවට

පිරිත් කර ඉසින්නට
පැන් පොදක් වත් නොමැත
වන්නි වන තුලානේ
මලක්වත් පිපී නැත...
පුදන්නට දන නමා
බැරිය ආතුර හිත....

බුදුන්ටද වැඩ දමා
ධාතු රස්සා කරන
උඩ මළුව වසා ඇත
අපි තවම හූල්ලන

තේජසට හිස නමන
ඇරෙන පිළි ගන්න දොර
හතර වරිගේ අපිට
ඇරෙන්නේ කවදාද?

හාම් පුතුගේ පුතුට
හාම් පුතුනට නිතර
දෙවියනුත් ඉන්නකොට
කුමක් අපි කරන්නද
උපන් පූරුවෙ පවට...


කියන් සුලගේ.......

ඉතින් කවුරුද හිනා වෙන්නේ
පහන නිවලා කළුවරේ.......
අඳුර හුරු මට කවුරු කෙරුවද
ඔච්චමක් සඳ නැති රැයේ....

මුණු මුණුව නගමින් දහ අතේ යනවා
ඇදි සළුද පෙළමින් ලඟම දැවටෙනවා
කුසු කුසුව මවමින් මටම වද දෙනවා
මද සුලග රවමින් වටට දැවටෙනවා

නුඹට මග වැරදිලා
ආවදැයි නොදන්නෙමි
ඔච්චමට රිදවන්නෙ
කිමද මා සොයන්නෙමි

අඳුර හුරු ඇස් වලට
එළිය පළ නැති නමුත්
මෙලෙස නුඹ සරන්නේ
කුමටදැයි සිතන්නෙමි

කිමද සුළගව සිනා සෙන්නේ
පහන නිවලා කළුවරේ
කුමට ඔච්චම් කරන්නෙද නුඹ
කියන් සුලගේ මා වටේ...