Skip to main content

Posts

Showing posts from July, 2012

හෙට එළිය දෙන පුතුට

ප්‍රකම්පිත පන්හිඳක් වී උපත ලබාවා
සුසුම් ලන ජන හදක දුක් කඳුළ වේවා
නිවට මිනිසුන් බදින විලංගුව වේවා
හෙට එළිය දෙන පුතුට කසේරුව දේවා

සිහල හෝ දමිල ලෙස ජාතියක් පාලා
හොඳ නරක යට ගහන මර උගුල් දීලා
උන් කියන විට නවන මැටි හිසක් දීලා
එවනු නම් ඔහු මරනු කුස තුලම දාලා

අවැසි නම් මුගුරු හෝ කටු ඔටුනු දාලා
මගේ පුතු මෙහි එවනු දුකට හුරු කරලා
දුකක් දැක හිනා වෙන හිතක් නම් දීලා
එවනු නම් ඔහු මරනු කුස තුලම දාලා

Sath pium - සත් පියුම් හිනැහෙනා...