Skip to main content

Posts

Showing posts from June, 2012

ප්‍රේමයේ දැහැන බිඳ

ප්‍රේමයේ දැහැන බිඳ
ජීවිතේ කඳුළු පොද
ඇස් අරින්නට කියා කියනවා
බොළඳ වූ පෙම් සුවඳ
අහිමි වී ගිය කලක
ජීවිතේ පිරේවිද අහනවා

බැදුම් වියැකෙන ලොවක
එකට යාවී තවත්
අපෙ ලොවට අපි කඳුළු පුරනවා
ප්‍රේමයේ සුසුම් අග
ප්‍රේමියේ තවත් අප
සිනා සෙන්නේ ටිකයි හිතෙනවා

සිතුම් ගිලිහී දිනෙක
දෙනෙත් ඇහැරී ඇතත්
වෙන්ව යා නොහැකි වී හඩනවා
ප්‍රේමයේ නැගි සිනා
ප්‍රේමයේ මැව් සිහින
දිනෙක බොඳවී කඳුළු පිරෙනවා
තටු සිඳුනු දා ඉවුර අසබඩ කැළණි ගං වතුරේ............
මුහුණ දුටුවෙමි ප්‍රේමයේ බර සුසුම් පිරි ඇයගේ........
ගග දියෙහි බොර කඳුළු වැටුනා......
ඇගේ නෙතු ඇස පැටළුනා........

හිරු හැලී බිම ඉරි තැලූනු දෑලේ
දෙපා සිරවී දිය කිණිති මතු වේ
අඳුර උදුරා මුදා වෙන සඳ සේ
මගේ හදවත පේ‍්‍රමයට සම වේ

දෙපා සැරසුණු දිය කිණිති සිත්සේ
කැළණි දිය වෙත ගලා යන අරුමේ
නුඹේ දැක්මෙන් සරතැසින් මිදි මේ
මගේ හදවත දෙව්ලොවක සම වේ

හොඳම දින

හොඳම දින නුඹ දකින්නට අද
හොඳම දින හඩ අසන්නට නුඹ
ඒ මගේ හිතටයි............
මගෙ හිතට පමනයි..........

දහක් ඇත අද නුඹ වටා
සතුටු වනු ඇත හිත පුරා
ඈත සිට හදවතින් බලලා
සතුටු වෙමි මම හිත පුරා

නිහඩ බව ඇත මා වටා
සවන බිහිරිව ඇති නිසා
ඈත සිට හදවතින් බලලා
සතුටු වෙමි මම හිත පුරා

ගමේ ගම් ගම් දොර හිනා උනු මල

ගමේ ගම් ගම් දොර හිනා උනු මල
අනේ පරවී ගියාදෝ......
සිනා අකලට හෙමින් පරවී
නොනිමි ගමනක ගියාදෝ.....

පෙති හැලී විසිරී වැව් දියේ තිබුණා
වැව් දියම බොර වී ඒ දුකට හැඩුවා
ගම් දොරේ සුලගේ රළු බවම ඇදුනා
ඒ සුළග අතරේ නුඹෙ සුසුම් ඇහුනා

ගම් ගොඬේ ලතැවී මල හිරුද මැකුනා
රළු අදුර මැද්දේ ඉකි ගසනු ඇසුනා
නෙතු පබළු අතරෙ තෙත් බවක් දැනුනා
නුඹ නමින් මුහුවී මගෙ කඳුළු වැටුනා
තරු සිදුරු නැතී
තරු එළිය මැකී
ඝන කළුව රැදී
හද රිදෙන හැටී

මුදු සුළග පවා
රළු වෙලා වගේ
මා ගතේ වෙලී
රිදවනව වගේ

මල් සුවද මකා
මල් පිපී ඇතී
හිස් නුවන් අරා
පැහැ මට නොපෙනී

හරස් කැපු පේමයේ අරුමය

තවත් කෙනෙකුගෙ
පෙම්බරී වී
මගේ නංගී සිනා සෙයි
අපි හිනාවෙන්
කථා කල මුත්
ගස්සාන ඇය
ඉවත යයි
කුණු දූලි ගෙයි
අරක් ගත් තැන්
එකින් එක දැන්
අහිමි වෙයි
හරස් කැපු පේමයේ අරුමය
මගෙ හිතට දැන්
සිනා වෙයි

නුඹ නැතිව ඵල බර නොවුනු ගස්

නුඹ නැතිව ඵල බර නොවුනු ගස්
හෙට සිටන් ඵල පුබුදුවයි
හැමදාම හිනැහී සිටින්නට
මලූත් කතිකා කර ගනියි

උදෑසන ඇහැරවා මා නෙත
රස කතන්දර කියා දෙයි
සිප්සතර කර නිවාඩුව ලැබ
හෙට ඉතින් නුඹ ගමට එයි

දෑත පටලා ඇවිද යමු අප
මසිත මට බල කර සිටියි
ඉතින් නුඹ හෙට නොආවොත් හෙම
මගේ දෙනෙතේ දුක තියෙයි

බලා ඉමි මම නුඹ වඩින තුරු
මා එලු පා වඩ දිගේ
නුඹ නොආවොත් පාළුවේ මා
හිඳින්නෙමි නොනිදා රැයේ 

අපි

නුබේ ලොව මාද වඟ
දන්නෙ නෑ තාම මම..........
මගේ ලොව නුඹම වග
පමනි දන්නේ තාම..............

මිහිකතට හැමදාම
එකම ලොව නුඹම මිස
මා නොවේ කිසි කලක
මම දනිමි හැමදාම

අපට හිමි නැති

අපට හිමි නැති අපේ
බිදී දෙපසක විසි වෙනා.....
බැදුනු කවියෙහි පද පේලි මැද
අතීතය මට සිහි වෙනා.....

බිදී විසිරී තිබුනු පෙම් හිත
පද අරන් ගෙත්තම් කලා
පරන තැන හිත ආයෙ තියලා
නුඹේ පෙම් හිත විසිරුනා

හදේ වැතිරී පුරන් වූ පෙම
අතීතයටම එක් වෙලා
තැනු පෙම් කවි කදුලු උතුරා
අතීතේ වල්මත් වෙලා

පියාපත් සිදිලා

පියාපත් සිදිලා
සැදෑ කල විඩාවෙන් පිරිලා
මගේ හිත......................
අසරණව තැවෙනා
නුඹේ පෙම..............................
කුමකටද හිතෙනා......රිදුම් දෙන................

වැඩෙයි සරතැස හිතේ ඉදිවන
මායිම්ද නොතකා.........
මිදෙයි කඳුළද දුකට දාවම
තැන නොතැන බලලා.......

බිදෙයි මුනිවත හැඩුම් සගවන
සවනතම පුරවා......
මවයි අනියත දුකට යාඋන
සිත් රිදුම් පුරවා......


ලියා දෙන්න මට කවියක්

අව පැහැ කඳුළු මකා
නව පැහැ කඳුළු තනා
කවක් ලියන්නට හැකිද දයාවිය
තනි කම නුඹෙ නහවා
තනිකම දුරු කරවා

ඉඩෝරයේ පත් ඉරුවක්
පන්හිද මා දෙමි වරුවක්
සිනා නොමැති මට සිනා නොම වෙලා
ලියා දෙන්න මට කවියක්

කඩා වැටෙන ඇස් බැල්මන්
නිමා නොවෙන දුක් කන්දත්
විඩා පිරුණු හිත විඩා බිඳ හෙලා
ලියා දෙන්න එක කවියක්