Skip to main content

Posts

Showing posts from May, 2012

නුඹට අමතක උනා

නොතේරෙන පුංචි දේ
නුඹ මගෙන් වෙන් කලා....
තේරුනත් බොහෝ දේ
නුඹට අමතක උනා...

වෙන් වෙන්න ගොතන කොට
වැරදි නුඹ මහ ගොඩක්
දරා ගන්නට බැරිව
වැලපුනා මං හුගක්

ඵලක් නැති නිසා මං
මුනිවතින් ඉන්නෙ දැං
පෙන්නන්න බැරි දුකිං
කඳුළු හංගන් ඉතිං


සිතුවිලි සිහිනය

සිතුවිලි සිහිනය
හැඩවුණු කලකදි
පේ‍්‍රමය කෙලෙසද සැඟව ගියේ
නොකියා දෙනෙතම පියා හිදින්නේ
වරදක් උනාද නුඹට මගේ

එකම මලයි ඇස වසාන උන්නේ
එමලයි පරවී වැටුනේ
නොඒ සිනාවන් ආසේ වසා උන්
ජීවිතයට මග හැරුනේ

හිතේ කඳුළු ඇස් දරාන උන්නේ
නුඹමයි හිත සවි කෙරුවේ
නොසිතු කලක ආ වසන්තයක් සේ
නොසිතුව ලෙස ඇයි මැකුනේ