Skip to main content

Posts

Showing posts from March, 2012

මියැදෙන්න සැරසෙන්ට

ජීවිතේ එක් සියක්
බැමි අතර සිර උනත්
යා යුතුම නම් දුරක්
අදම යන්නම් ඉතින්

මට පෙරම ලොව දුටුව
නුඹට ලොව අයිති කොට
එක් දිනක් කදුලු කැට
හලන්නට නුඹ ඉන්ට

රන්ඩු සරුවල් කුමට
මියැදෙන්න සැරසෙන්ට
නොකියාම දුර බිමට
මට හැකිය පස් වෙන්ට

සමා වී පමා වී
දැක ගන්න බැරිම වී
මගෙ මතක තුරන් වී
යයි සසර නිමා වී