Skip to main content

Posts

Showing posts from January, 2012

දන්නා දා සිට......

දන්නා දා සිට නොදන්න දා දක්වා
ඔබේ නමට ආදරේ කළා....
නොදන්න දා සිට දන්නා දා දක්වා
හිතේ කඳුලූ ඇස් වලින් අරන්
මගේ ඇසට නුඹෙ සිනා තියා
මගේ නමට ආදරේ කළා....
අපි අපේ නමට ආදරේ කළා..

ඇසේ ඇස වැසූ
ලොවේ කට කතා
නොපෙනන සේ සගවා...
මගේ හිත පුරා...
මහා සවි මවා....
මගේ ලොවට ආදරේ කළා...

ලොවේ ගතු කියා
මගෙහි දුර කියා
මා සවියෙන් නහවා
රිදුනු පා දොවා
දුකට තනි මකා
මගේ ලොවට ආදරේ කලා

අභිනික්මණම

අභිනික්මණම නොවේ
නමුත් මට අභිනික්මණද සිතේ...
ඈත දුරක නුඹ ශිල්ප ලබන්නට
යන දා හිතට දැනේ ...........
කඳුලක් සිසිල් ලෙසේ........

පපුතුර නැගෙනා සියුම් වේදනා
නුඹ දුර යන පුවතින්...
ගියදා කෙලෙසින් දැනේද නොදනිම්
සැබැවින් යන දිනයෙන් ....

ශිල්ප උතුම් යැයි නුඹ පවසයි
දුර ඇදෙන වේදනා මා හඩවයි
උසුළා ඉන්නට කියා සිතින් සිත
හැගුමට පෙර මනසද පවසයි

දුන් සුවද හදේ ගැඹුරෙහි ඇති

ගිලිහි ඇති නමුත් පෙති
නටුව පමනක්ම හිමි
මලක් උන නමුත් නුඹ කම් නැති
දුන් සුවද හදේ ගැඹුරෙහි ඇති

කටු ඇනී රිදෙන මුත්
ලේ ගලන ඇගිලි තුඩු
විස බරින් තවම හිත නැත තැවී
මලක් ලෙස හිත හෝවා
නටුව ගෙන තව මෙමා
බලා පෙර මග තවම හිනැහෙමි

ඇස ඇරී නැගෙන මුත්
කඳුළු පිණි නෙතු පුරා
දොරින් දොර සිනා කැන් විමසමි
විටක හදවත දොවා
වහසි බස් තවරවා
මගේ කඳුලද මගෙන් සගවමි