Skip to main content

Posts

Showing posts from December, 2011

කියාපන් දුවේ....

හිත් මළුවේ මත් බඹරුන්
රටා තියා ඇවිදිනවද....
දුවේ නුඹේ සිනා කෙතේ මහ අස්වනු පීදෙන්නේ
හීන් සැරේ කැඩපත වෙත හොරෙන් සිනා වපුරන්නේ
කියාපන් දුවේ....
කිමද කාරුනේ.....

පාළු කපන සඳ එළියට
හීන අහුරු විසි කෙරුවද
අමාවකක් ගැන දන්නේ
නැතිද මගෙ දුවේ......

පේන හීන මල් අහුරක
හීන හොරෙන් නුඹ වින්දද
ඒ නින්දෙන් ඇස ඇරෙන්නේ
නැතිද මගෙ දුවේ.....

සෙනෙහස බිදුනම අකීකරුයි සිත

සෙනෙහස බිදුනම අකීකරුයි සිත
නොහික්මුණු කමින් දොස් පවරයි නිතර
කල නොමනා කම්
නොකල මනා වුව
සිත මුමුණයි නිතර
ප්රේමය මෙතරම් අසංවරයිදැයි
මගෙන් අසයි මසිත
ප්රේමයෙ සමුගැන්ම..........

ප්රේමය වෛරය අතර රැදී ඇති
තප්පරයක තරම...............
යටි හිත පිරිලා දෝර ගලා යයි
මිනිස් සිතක අරුම.....
ප්රේමය කොතරම් නපුරුද කියලා
කියා දෙන්න නුඹම....

ජීවය ලබන්න මිනිස් සිතක බැදි
පැතුම් පිරූ පවම........
ප්රේමය අහිමිව සිහින බිදුන දින
ශාප කරන තරම...........
ප්රේමය සරලද ගැඹුරුද කියලා
කියා දෙන්න නුඹම............

තනිකම...........

උපන් තනිකම හදෙහි අමුනා
මහා අඳුරෙක සැතපිලා
සතුට සෙව්වෙමි පුදුම ලෝකෙක
නොනිමි කරදර ඉවසලා

යොදුන් ගනණක් සොයා සෙවණක්
මිරිගුවක් දැක රැවටිලා...
යනෙන මාවත මතක නැත මට
මගේ හිත් ඔත්පල වෙලා

කඳුළු දාහක් පරණ උනු නෙත
රුදුරු හොටු කබ වැතිරිලා
කියන් උරුමය කරුමයක් වුව
මේ තරම් රුදුරුද කියා

සම්මා සම්බුදු ගුණ කඳ

ගිලන්ව ඇති හද අරනට
පසන් සුවඳ ගුණ ගෙන එන
සම්මා සම්බුදු ගුණ කඳ
අම්මා නොවේද සසරට .....

දෙවියන් කෙහේද වත් නැත
ලංවෙනු කෙලෙසද ඈ හට
ඇගේ කඳුළු ලතැවුල් හිත
සඟවා ඇත ඇය ලය මත

නොමින් කම් හද පොදි බැද
දෙවියන් රගනා මිහි මත
නොඉඳුල් නිකැළැල් සෙනෙහස
ගෙන එන මා සිත් මඩලට