Skip to main content

Posts

Showing posts from October, 2011

සංසාර ප්‍රේමය

මටද හිමි නැති මාව හිමි නුඹ
මොන තරම් පින් වන්තදැයි.....
අහනු කෙලෙසද මට වඩා මම
නුඹට වැඩියෙන් ආදරෙයි .....

ලැබුනු දා නුඹෙ සෙනෙහසින්
මටද මා හිමි නැති ලෙසින්
බැදුනි සද හා අහස මෙන්
සංසාර ප්‍රේමය ඉතින්

ගෙවුනු දා කඳුළට පෙමින්
මතකයට සමු දෙමි ඉතින්
සිනා සපිරෙයි හිතට දැන්
සංසාර ප්‍රේමය නමින්