Skip to main content

Posts

Showing posts from September, 2011

ඉතින් නික්මී යන්න - දෙනෙත් අහකට ගන්න

ඉතින් නික්මී යන්න - දෙනෙත් අහකට ගන්න
නුඹෙ දෙනෙත් බලා බලා - නුඹට බැහැ සමු දෙන්න
දෙනෙත් අහකට ගන්න ..........
ඉතින් නික්මී යන්න......

හිස හෙවූ පපු තුරේ වේදනා ගොඩ ගැසේ
සවන් පත් වසනු මැන නුඹට ඒ හඩ ඇසේ
අද උනා නම් දෙනෙත් මොහොතකට හෝ නුඹේ
මගෙ කඳුළු මග හැරේ කියා මසිතට සිතේ

තෙර පෙනා යටි සිතේ වේදනා පන පෙවේ
කඳුලූ  කැට පෙල ගැසී දෙනෙත් යට හිරි වැටේ
එළි උනා නම් කඳුළු නුඹ හිතට දුක හිතේ
වේදනා සතපවා හිනැහෙන්න යටි හිතේ













2010 life ...

දුවේ කීමත් පින් ඉතින්....

එතෙර වෙනු මැන සසර කතරින්
ලබා දෙමි විවරණ තුටින්.....
ලොවේ බුදු මග ගන්න නුඹ හට
දුවේ කීමත් පින් ඉතින්....

ලෝකයේ අඳුරෙන් මිදෙන එක
ලේසි නැති බව මම දනිම්
එහෙව් කාලෙක නුඹෙ සැරසුම
දුවේ මෙමටත් පින් ඉතින්

ජීවිතේ සුසුමින් තැවෙන එක
නවතිනා නිසි මග අරන්
දුවේ බුදු මග ගනින් හනිකට
දිනන්නට සසරම ඉතින්

මගේ වෙලාවෙන්..........

by Sandaru Dissanayaka on Monday, August 9, 2010 at 1:27am අනේ හිනාවක් වෙළා වළාවක්
එනවා ඈතින් දැක්කා.......
දෑස වසා මා නැවත බලද්දි
සුළග වළා ගෙන ඇදුනා.....

හිරුත් මුවා වී අහස වසා ඝන
අදුරක් අතුරා දැමුවා......
මගේ වෙලාවෙන් තවත් එක් දිනක්
පෙරසේ පර වී මැකුනා.......

බලා හිදියි මුත් සඳත් නොඑන බව
දෑස පියෙන කොට සිතුනා......
තවත් එක් රැයක් නිදි නැති හීනෙන්
පහන් වෙලා බව දැනුනා......

gayan 2010.08.09 1.26 pm

වැරදි කිව්වා

by Sandaru Dissanayaka on Thursday, September 16, 2010 at 10:20pm ඇවිත් මන් ලග දැවටුනා නුඹ මං මලක් කිව්වා
සිසිල නුඹගේ මට දැනෙන්නේ ගගක් සේ කීවා
අඳුරු අහසට සඳ කුමට මට තරුව නුඹ කීවා
නුඹේ සඳ මල ගග තරුව මම මට වැරදි කිව්වා

ඇවිත් මල් පෙති බින්දා මල් සුවඳ අර ගත්තා
නටුවෙ කටු සිද දැම්මා මමයි වැරදී කිව්වා
ඇවිත් ගග දිය ඉස්සා බොර වතුර මුසු කෙරුවා
හරස් බැම්මක් බැන්දා මමයි වැරදී කිව්වා

ඇවිත් තරු එළි මැකුවා අඳුර හිති ඇති රූවා
මගේ දෑසත් වැසුවා මමයි වැරදී කිව්වා
 හිත් මලත් මම දුන්නා දිය සිසිල ගෙන ඉසුවා
අඳුර මැද නුඹ සෙව්වා කමක් නෑ පව් හිතුනා

අනේ අම්මේ සමා දෙනු මැන මට

මගේ දුක දැක මගේ හිස පිරිමැද
ආතුරවු හිත සැනසුමම වූ නුඹ
ආතුරව හිඳ  සොයන විට සැනසුම
අනේ අම්මේ එන්න බැරි උනි මට

කාසි අහුරක කොහිද මට සැනසුම
දොස් කියා ඇයි තැලූවෙ නුඹ මගෙ හිත
සිදාදියෙ බැමි සියල්ලම බිද ගෙන
ගමේ එන්නට හිතෙයි දැන් මට

හීන නලියන ජීවිතේ පිටුවක
අතපසුව ඇති කෙළහිගුණ මැන ලිය
ගලා ගිය හැම වරද නිසි ලෙස දැක
අනේ අම්මේ සමා දෙනු මැන මට

දුවේ හනිකට සිනාවක් වී.......

වනේ මලකින් නැගෙන සුසුවද
වගෙයි මගෙ දුවෙ නුඹේ සිනහව
මායිමෙන් පිට නොවෙයි දුරකට
නොවේ මගෙ හිත එයින් කරදර

මැකෙන රෑ කලූවෙන් - පිටව මා යන්නම්
දෙනෙත ගැටෙනා තුරුම නොහඩා
කදුල ඉවසන්නම්......
දුවේ තනියට හීනයක් වී....
නුඹේ ලඟ ඉන්නම්....

නැගෙන රෑ තරුවෙන් - සිනා වන් වෙන්නම්
ලැමට හිස ගෙන නුඹේ හිස සිඹ
දයාවෙන් ඉන්නම්.....
දුවේ හනිකට සිනාවක් වී
මුවේ යා වෙන්නම්......

සෙවනැල්ල පමනමයි අතැර නොයන්නේ

සෙවනැල්ල පමනමයි අතැර නොයන්නේ
ලබැදි කිසි හිතක් නැත ලග ඉන්නේ
උනුන් දකිනු රිසි ලොවක් සොයනු මිස
නැත මා ලොව ගැන වෙහෙසෙන්නේ

එක් පතකින් කුස ගිනි නසනා මුදු
ඉන් නැත කුසගිනි නොනගින්නේ
පිසිනු හැකි උනත් මගේ කඳුළු බිදු
උනන තැනින් නැත වැළකෙන්නේ

යනෙන මගක තනියට හිදිනා මුත්
උනුන් රිසි තැනක නවතින්නේ
අතර මගදි දකිනා රිසි ලැබුමක්
දුටුව කලක උන් නවතින්නේ


2011/09/01