මා අතින් ලියවුනු ප්‍රථම ගී පද වැල....

                                   200 වර්ෂයේ තමයි මේ ගීතය මා අතින් ලියවුනේ... පාසැල් කාලයේදී... ඉතින් හිතේ තිබුනු ලොකු හීනයක් තමයි ගීතයකට පද වැලක් රචනා රකරනව කියන එක... ගී.ය ජනප්‍රිය උනේ නම් නෑ.... ඒ ගැන නම් පුංචි දුකක්වත් මගේ හිතේ නෑ... මොකද මන් හිතනව මේ ගීතය පරිපූර්ණ නිර්මාණයක් උනා කියල ඒ වෙද්දි ගීතයට යොදා ගත්ත පද වල බොහොම ගැඹුරු බවක් තිබුනා සංගීතයත් ගොඩක් අපූරුවට ගීතයට එකතු වෙලා තිබුනා.. හඩ ගැනත් ගොඩක් සතුටු වෙන්න පුළුවන් කමක් තිබුනා..... මම මෙහෙම කින්නේ ගීතය මා අතින් ලියවුණු නිසාමනම් නෙමෙයි..... පද වැල කියවලා ගීය ඇහුවොත් ඔයාලටත් තේරේවි.....

සුසිනිදු මිහිදුම් සළුව උනා
ගල්පර මත වැද ඇද හැලෙනා
පෙණකැටි නගමින් සිනහ පපා
වරලස මුදමින් රඟන පබා

මිහිකත මත අභිමාය කැන්දූ
සිත්වල මන බදිනා රූ රැන්දූ
කෝමල හඩ මුසු කර කී සින්දු
සොබා සිරි පාමින් මේ ලන්දු

සව්සිරියෙන් නිල් කෙත් වතු පුබුදා
මදනල හා මුසු වන මල් සුවදා
හසරැළි හැගුමින් යළු තිස කලබා
දුන්හිද කොමළිය ගලන සොබා

ගායනද - දිනූෂා ලක්මාලි
සංගීතය - ශ්‍රී ලාල් පෙරේරා

              
                        දුන්හිද කියන්නෙ බොහොම සුන්දර කලාත්මක, ස්වභාවික වටිනාකමක්. ඉතින් පලමු ගී පද වැල බොලඳ ප්‍රේම ගීතයක් නොවී ලොකු වටිනාකමක් ගොවයි කියල මම ගොඩක් විශ්වාස කරනව....
ගීතය ගියද්දි මට ගොඩක් විශේෂයෙන්ම මගේ සංගීත ගුරුතුමා ශ්‍රී ලාල් පෙරේරා දුන් සහයෝගය නම් ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕන.... ගීථයේ සංගීත නිර්මාණය එතුමාගේමයි.......
විශේෂම දේ තමයි මේ ගීතය මන් ලිව්වේ මහ අවුවේ ඩෙස් එකක් තිියාගෙන පස්සෙ තමයි දන්නේ මගේ ගුරුතුමා මේක හිතලම කරල තිබුනු බව කොහොම උනත් ලොකු කට්ටක් කාලා ගොඩක් උවමනාවෙන් ලියපු මගේ ප්‍රථම ගීතය තමයි මේ විදියට ඔයාලට විස්තර කරන්න හිිතුවේ.....
                                                   ඒක ගොඩක් අපුරු අත්දැකීමක් උනා...ගීතය අහන්නත් ගොඩක් පෙරුම් පුරාගෙන බලන් හිටිය.... පළවෙනි වරට ගීතය අහද්දි දැනුන සතුට නම් කියල නිම කරන්න බෑ....
ඉතින් මේ ගීතය ගායනා කරනු දිනූෂා ලක්මාලි අක්කටත්...... සංගීතවත් කල මගේ ගුරුතුමාටත් ගොඩක් පිං... මොකද ඔවුන් දුන් සහයෝගයට මම සදා ණය ගැතියි....
                                            ඉතින් ගීතයේ පද වැල ගැන යමක් ඔයාලත් කියනවනම් ඒක මඩ ලොකු සතුටක් වෙයි....... 

Comments

http://www.sinduwa.com/songs/best_new_songs/Susinidu_Mihidum.mp3 methanin sinduwa ahanna puluwan oyalata

Popular Posts

Total Pageviews