චන්ද්‍ර මණ්ඩලේ.....

 මුලින්ම ඔයාල වෙනුවෙන් තෝරගත් "ලාංකීය ගී කලාවේ සුනිල හඩ" නැත්නම් සුනිල් එදිරිසිංහයන්ගේ නැවුම් හඩි සුගැයෙන අපූරු ගීතයක්...... මේ ගීතය මුලින්ම තෝර ගත්තේ ගීතයේ අරුත හොයන් යන්දි බොහොම අපූරු කථාවක් ගීතයේ වචන ගැන අහන්න ලැබුනු නිසයි.....

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹබා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟ තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ

දරු සෙනෙහස ගැන අපූරුම කතාවක් ගෙන එන මේ සොඳුරු නිර්මාණයේ පද රස විදින්න හැබෑම උනන්දුවක් ඔයාලට ඇති කරවන්නයි මගේ උවමනාව

ගීතයේ මුල්ම පේලියේ

චන්ද්‍ර මණ්ඩගේ සැතපුණු පුංචි සාවියේ
කියන පේලිය දැක්ක ගමන් ඔයාලට නිසැකවම මතක් වේවි පුංචි කාලේ හදේ හාවෙක් ගැන අපි අහපු කතාන්දර... මෙතනදිනම් ගීතයෙන් එවැන්නක්
එක පාරම හිතට ආවත් බිහිවන්නේ එයින් එහාට ගිය අපූරු අරුතක්....
චන්ද්‍ර මණ්ඩලය විදියට මෙතනදි කියවෙන්නේ.....
අපේ අල්ලෙ තියන බුද්ධ මණ්ඩලය, චන්ද්‍ර මණ්ඩලය කියල වෙන් කරමින් කතා කරන කොටසක් ගැන.... අපේ අල්ලෙ චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවිය මතක් වෙන්න නම් පියකුගේ අතෙහි හිස තියන් ඉන්න පුංදි සිඟිත්තියක් නිතැතින්ම ඔයාලට මතක් වේවි.....
පාන නිවුණු අන්දකාරය
ගීතයේ ගැඹුරු වදන් තුලින් ගම්‍ය වන්නේ හතදතට කඳුළක් එක් කරමින්.... අද බිහිවන ගීතයේ රිද්මයෙන් නම් මෙවන් නිර්මාණ කොයි තරම් අපූරුද? පියෙකුගේ හදවතේ සෙනේහය රළු බවින් සැඟව ඇතත් මෙහිදී නම් ඔහුගේ සංවේදී ආදරය කොයි තරම් අපූරුවට හදවතට දැනෙනවාද?

ගෑණු ළමයි පියාඹලා මීට පෙරත් ගිය බව ඔහු මතක් කරන්නේ...... ඒ බව නිසා ඔහුගේ හදවතට බිහිවන දුක කියා පාන්නට... වගේම එයින් ඇතිවන්නට ඉඩ තිඛෙන අන්තරාවන් ගැන ඉඟි කරන්නට නොවේද?
මේ සොඳුරු පද පෙලේ පදයෙන් පදය ගෙන ඉදිරිපත් කරනවාට වඩා එහි අරුත සොයා යන්නට උනන්දු කරවන්න.... .පුංචි පද කීපයකින් නිර්චවනයක් එක් කරන්නට කොහොමත්ම අමාරු කාරනයක් බව බොහොම පැහැදිලි කරුණක්......

පාර මතක නම් තවමත් ගේ ලඟයි දුවේ..... ගීතයේ අවසන් පදයෙන් බිහිවන බලාපොරොත්තුව කොයි තරම් ප්‍රාණවත්දැයි පැහැදිලි කරන්නට ඉතාමත් අපහසුය ගීතයේ නැවුම් සංගීත රටාවත්.. තනුවත්... හඩත් කොතරම් අපූරුදැයි ගීතය ඇසීමෙන් මිස කෙසේ නම් රස විදින්නද?

Comments

Anonymous said…
දරුවන් කොතරම් දෙමාපියන්ට අකීකරු වුනත් සියලු වැරදිවලට සමව දෙන්න දෙමාපියන් සූදානම්.

අනික තාත්තල ඉකිගහල ඇඩුවෙ නැති වුනත්, සැරයි වගේ පෙනුනත් මම හිතන්නෙ අම්මකෙනෙක්ට වඩා වාඩියෙන්ම සංවේදී තාත්ත කියල.

Popular Posts

Total Pageviews