Skip to main content

Posts

Showing posts from July, 2011

සරලා......

මගේ හිත කවි හිතක් කරලා......
මා ලියූ කවි පොතක් හදලා.......
මගේ කවි පොත කීතු කරලා.....
ගියේ ඇයි නුඹ කියන් සරලා......

නොලියූව කවි ගොඩක් රැදිලා......
තිබුනාට හිත පුරා පිරිලා......
කාට මම කිවි ලියම් හිතලා........
මගේ හිත දැන් දුකින් පිරිලා..........

නුඹ කියාදුන් වචන අමුනා.......
අරුත් සුන් කවි කිසිත් නොලියා.....
ලියමි අන්තිම කවිය හිතලා.......
නුඹ නමට මෙම කවිය සරලා.......


gayan sandaruwan 2010.04.14
10.08 pm

බුදුන් දම් හෝ සගුන්....................

දල්වාලූ පහන් සිල
දවයි නම් ඇඟිලි තුඩු
පසක ලු පාවහන්
සොරා ගයි නම් සොරුන්
පා තබන හැම විටම
ඇනෙයි නම්
යටි පතුල්
යකුන් මෙන්
එහෙ මෙහේ
දුවයි නම්
බැතිමතුන්
පන්සලේ මට කොයිද
බුදුන්
දම් හෝ
සගුන්....................

ප්රේමයෙ සමුගැන්ම..........

ප්රේමයෙ සමුගැන්ම.......... by Gayan Sandaruwan on Friday, October 16, 2009 at 8:43am සෙනෙහස බිදුනම අකීකරුයි සිත
නොහික්මුණු කමින් දොස් පවරයි නිතර
කල නොමනා කම්
නොකල මනා වුව
සිත මුමුණයි නිතර
ප්රේමය මෙතරම් අසංවරයිදැයි
මගෙන් අසයි මසිත
ප්රේමයෙ සමුගැන්ම..........

ප්රේමය වෛරය අතර රැදී ඇති
තප්පරයක තරම...............
යටි හිත පිරිලා දෝර ගලා යයි
මිනිස් සිතක අරුම.....
ප්රේමය කොතරම් නපුරුද කියලා
කියා දෙන්න නුඹම....

ජීවය ලබන්න මිනිස් සිතක බැදි
පැතුම් පිරූ පවම........
ප්රේමය අහිමිව සිහින බිදුන දින
ශාප කරන තරම...........
ප්රේමය සරලද ගැඹුරුද කියලා
කියා දෙන්න නුඹම............

ප්රේමයේ නිරුවත..............

ප්රේමයේ නිරුවත.............. by Gayan Sandaruwan on Wednesday, November 4, 2009 at 9:25am වසාලනු හැකි වේද රාගයෙන්
ප්රේමයේ අඳුරු වූ නිරුවතක්
අසාරව ඵල දරන හිනාවෙන්
මකනු හැකි වෙද හිතක තනිකමක්

අහිමි වී ගිය,
කල වගේ හිත............
ප්රේමයේ සුපසන් බවෙන්...
සළු ලිහා, බඳ මුකුළු කරවා....
බඳිනු හැකිවෙද රාගයෙන්

පරාජිත කල,
නුඹේ ප්රේමය...
සොඳුරු නිර්මල වූ කමෙන්....
සිත ලිහා, යළි බඳිනු හැකි නම්....
එයයි අවිහිංසක කමෙන්......

සඳරුවන් දිසානායක

දෙහි දෙනියට හීන් වැස්ස වැටුනාම....

දෙහි දෙනියට හීන් වැස්ස වැටුනාම.... by Gayan Sandaruwan on Tuesday, April 13, 2010 at 8:11am දෙහි දෙනියට හීන් වැස්ස වැටුනාම....
අප්පච්චිට මහ වැස්සක් වාගේය.....
තරම පැහැය ගැන ඉඳුරා කීවාම.....
දරා ගන්න බැරි ඇයි අප්පච්චීට.....

තෝන්තුවාවෙන් නෙතු යුග වැලපේද
බලාපොරොත්තුවෙ සෙවනැලි බොඳ වේද
දෙහි දෙනියට අපෙ හීනත් යට යාද
අප්පච්චී අපටත් දෙවියන් වේද

මහා පොලව විරසක කම් උහුලාද
අපට එපා වූ වැහි දිය කැඳවාද
අග හිග’ කම් තව තව හිත අතුරාද
අප්පච්චියෙ දෙවි බැල්මක් හිමි වේද

* දෙහි ගොවියන් දෙහි නෙලන කාලය තුල වැස් ප්රාර්ථනා නොකිරීමත් ඔවුන් තම දෙහි අස්වනු අලෙවි කර ඉටු කර ගැනීමට සූදානම්ව සිටින සිහින බොඳව යෑම ගැන කම්පාවන අයුරු මෙම කවි පෙලට පෙර නිමිත්ත විය. දැඩි දුෂ්කරතා මැද ගෙවන ඔවුන්ගේ ගැමි දිවිය ගැන හදවත් ඇති මිනිසුන්ගේ අවදානය යොමු වේවා. 2010.04.13
GAYAN SANDARUWAN DISSANAYAKA

කඳුළු නැති කවියක්

By Gayan Sandaruwan· Wednesday, December 15, 2010
කඳුළු නැති කවියක් කවදා ලියේවිද මා අතින්...... සුසුම් නැති තනුවක් බැදේවිද කවර නම් කාලෙකින්......
පාට තැවරුනු නැවුම් අකුරින්
ලියෙන දා කවියක්......
ලියූ කවි වල අකුරු තරමට
හලා ඇති කදුලුත්.......


හීන බොදවුනු නින්ද අතරින්
තැනෙනු මිස තනුවක්.......
කවදාක නම් ගයන්නද මම
සොඳුරු වූ කවියක්......


හිතට ගොඩක් දුක දැනුනු වෙලාවට කවියක් ලියනව හැර එයින් එහා සතුටක් නැති දවසක ලියවුනු පද වැලක් තමයි මේක......

මා අතින් ලියවුනු ප්‍රථම ගී පද වැල....

200 වර්ෂයේ තමයි මේ ගීතය මා අතින් ලියවුනේ... පාසැල් කාලයේදී... ඉතින් හිතේ තිබුනු ලොකු හීනයක් තමයි ගීතයකට පද වැලක් රචනා රකරනව කියන එක... ගී.ය ජනප්‍රිය උනේ නම් නෑ.... ඒ ගැන නම් පුංචි දුකක්වත් මගේ හිතේ නෑ... මොකද මන් හිතනව මේ ගීතය පරිපූර්ණ නිර්මාණයක් උනා කියල ඒ වෙද්දි ගීතයට යොදා ගත්ත පද වල බොහොම ගැඹුරු බවක් තිබුනා සංගීතයත් ගොඩක් අපූරුවට ගීතයට එකතු වෙලා තිබුනා.. හඩ ගැනත් ගොඩක් සතුටු වෙන්න පුළුවන් කමක් තිබුනා..... මම මෙහෙම කින්නේ ගීතය මා අතින් ලියවුණු නිසාමනම් නෙමෙයි..... පද වැල කියවලා ගීය ඇහුවොත් ඔයාලටත් තේරේවි.....

සුසිනිදු මිහිදුම් සළුව උනා
ගල්පර මත වැද ඇද හැලෙනා
පෙණකැටි නගමින් සිනහ පපා
වරලස මුදමින් රඟන පබා

මිහිකත මත අභිමාය කැන්දූ
සිත්වල මන බදිනා රූ රැන්දූ
කෝමල හඩ මුසු කර කී සින්දු
සොබා සිරි පාමින් මේ ලන්දු

සව්සිරියෙන් නිල් කෙත් වතු පුබුදා
මදනල හා මුසු වන මල් සුවදා
හසරැළි හැගුමින් යළු තිස කලබා
දුන්හිද කොමළිය ගලන සොබා
ගායනද - දිනූෂා ලක්මාලි
සංගීතය - ශ්‍රී ලාල් පෙරේරා

                        දුන්හිද කියන්නෙ බොහොම සුන්දර කලාත්මක, ස්වභාවික වටිනාකමක්. ඉතින් පලමු ගී පද වැ…

අතීතේ නිවන් දුටු මගෙ ප්‍රථම ප්‍රේමයෙන්

by Gayan Sandaruwan on Wednesday, March 9, 2011 at 2:49pm අතීතේ නිවන් දුටු මගෙ ප්‍රථම ප්‍රේමයෙන්
ඉතිරි නම් සමරුවක් නුඹේ වතමයි මැණික
පාර පාරා මසිත සිත දුවන අතීතෙට
මඟ නුඹයි මගෙ දුවේ
ඉරි තැලූනු අතීතෙට

සියො ළෙඟහි දැවටෙනා - නුඹේ කෙහෙරැල් සුවඳ
දුන් කෙනෙක් වේද මට - නුඹේ අම්මා මිසක
මගේ එක කඳුළකට හඩනවා වගේ නුඹ
හැඩු කෙනෙක් වේද මට - නුඹේ අම්මා මිසක

සැර වැරව හිනැහෙනා - අපූරුම නුඹෙ සිනහ
දුන් කෙනෙක් වේද මට - කඳුළු හසරැල් මිසෙක
නුඹේ එක සතුට කට සැනසෙනව වගේ මම
සතුටු වෙන කෙනෙක් වෙද - ඇය ගොසින් අද දුරක
 by Gayan Sandaruwan on Wednesday, March 9, 2011 at 2:49pm

චන්ද්‍ර මණ්ඩලේ.....

මුලින්ම ඔයාල වෙනුවෙන් තෝරගත් "ලාංකීය ගී කලාවේ සුනිල හඩ" නැත්නම් සුනිල් එදිරිසිංහයන්ගේ නැවුම් හඩි සුගැයෙන අපූරු ගීතයක්...... මේ ගීතය මුලින්ම තෝර ගත්තේ ගීතයේ අරුත හොයන් යන්දි බොහොම අපූරු කථාවක් ගීතයේ වචන ගැන අහන්න ලැබුනු නිසයි.....

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹබා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟ තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ

දරු සෙනෙහස ගැන අපූරුම කතාවක් ගෙන එන මේ සොඳුරු නිර්මාණයේ පද රස විදින්න හැබෑම උනන්දුවක් ඔයාලට ඇති කරවන්නයි මගේ උවමනාව

ගීතයේ මුල්ම පේලියේ

චන්ද්‍ර මණ්ඩගේ සැතපුණු පුංචි සාවියේ කියන පේලිය දැක්ක ගමන් ඔයාලට නිසැකවම මතක් වේවි පුංචි කාලේ හදේ හාවෙක් ගැන අපි අහපු කතාන්දර... මෙතනදිනම් ගීතයෙන් එවැන්නක්
එක පාරම හිතට ආවත් බිහිවන්නේ එයින් එහාට ගිය අපූරු අරුතක්....
චන්ද්‍ර මණ්ඩලය…

අපේ ගීතයේ සොඳුරු අරුත.....

මේක ටිකක් අමාරු වැඩක් වෙයි යාළුවනේ මොකද රසවින්දනය කියන එක බලහත්කාරයෙන් කෙනක්ට ඇතුළු කරන එක ගොඩක් අමාරු වැඩක්.... ඒත් පුංචියට හෝ අපේ වටිනා ගීත නිර්මාණයන් රැකගන්නට පුංචි හෝ දායකත්වයක් දෙන්න පුළුවන් නම්... ඒකයි මේ වැඩේ ප්‍රධානම උවමනාව......