Wednesday, January 2, 2013
ප්‍රේමයෙන් බර වෙලා
එළිපත්ත උඩ නටන
මැද මහේ සඳ එළිය
නුඹේ මුහුණට හුඟක් ලං වෙලා
පංසලේ පිංකමේ
හිනා උනු මල නුඹය
සෙනෙහ බව කියන්නත් බැරි උනා
බිම වැටුනු සඳ එළිය
මුමුණනා කසු කුසුව
නුඹේ මුදු සිනා හඩ විසිරුවා
ආදරෙන් බර වෙලා
මගේ හදවත බෝම
නුඹේ මතකෙන් නිතර ඇවිලෙනා
පිණි ඉසුණු තණ බිස්ස
සිප ගන්න කොට දෙපය
නුඹේ කිං කිණි හඩද සිත් උනා
ප්‍රේමයෙන් බර වෙලා
මගේ හදවත බෝම
නුඹේ මතකේ ලඟම දැවටෙනා
Monday, September 10, 2012
ආදරේ පුදමයි තමයි
හැම මලක්ම මඩ පාට වෙලා
හැම පිනි බින්දුවක්ම
බොර පාට වෙලා
මන් දන්නෙ නෑ
මං ඉන්නෙ කොහෙද කියල...
උඹට කියන්න...
මගේ කඳුළු ලේ පාට වෙලා...
හීනයක් වෙන්න බෑ...
ඒත් හැබෑවක් කියන්න විශ්වාසයක් නෑ..
මේ හැම මගුලක්ම අස්සෙ මම උඹ ගැන හිතනවා
ආදරේ පුදමයි තමයි
ඒ උනත් මේ තරම්...
හැම පිනි බින්දුවක්ම
බොර පාට වෙලා
මන් දන්නෙ නෑ
මං ඉන්නෙ කොහෙද කියල...
උඹට කියන්න...
මගේ කඳුළු ලේ පාට වෙලා...
හීනයක් වෙන්න බෑ...
ඒත් හැබෑවක් කියන්න විශ්වාසයක් නෑ..
මේ හැම මගුලක්ම අස්සෙ මම උඹ ගැන හිතනවා
ආදරේ පුදමයි තමයි
ඒ උනත් මේ තරම්...
මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.
හිරු වැඩ ඇරී නිරාහාරව ගෙදර එන විට
පාන් පැළ ලග ඇවිත් හිටියා අන්ධකාරය
කුප්පි පානක් පිලේ එල්ලූ නමුත් සඳවත
පුංචි මල්ලී පෙනෙන්නට නැත නිදිද දැන්මම
"පොඩි මල්ලියෙ, පොඩි මල්ලියෙ"
කතා කරති පොඩි තරු කැට
අහසේ සිට අත්වැල් බැද
"හොරෙන් අම්මට එන්න මිදුලට" සද්දයක් නැත
පත්තුකර සඳකඩ පහන, එළිපත්ත උඩ තියා
ඉරීගිය තුන්හිරිය රටා මත දෙදන ඇන
ඔහු අදියි තනිව හිඳ නිශ්චලව
පුංචි ඞ්රොයින් පොතක
ඇයිද ඔය ගසන්නේ
සිදිලාද නුඹේ උල්පත් පෑන
මක් කරන්නද පුංචි මල්ලියෙ
මගේ එක සාටකෙත් සාක්කුව ඉරිලාය
කොයිතරම් තියෙනවද තවත් උත්තර ලියන්න ප‍්‍රශ්න
"තව ප‍්‍ර‍්‍රශ්න රාශියයි ලියන්නට විදියකුත් නෑ තමයි"
ඒත් මම කියන්නම්
අයිය අහගෙන ඉන්න
ඉතිහාසෙ අන්තිම ප‍්‍රශ්නෙට උත්තරය
"අයියණ්ඩිය බිය නොවන්න
පෙන්වන්නම් මම, මැරෙනා හැටි නොව ජීවත් වන හැටි"
රත්න ශ‍්‍රී විජේසිංහ
බිය නොවන්න අයියණ්ඩි කාව්‍ය සංග‍්‍රය
මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.
පාන් පැළ ලග ඇවිත් හිටියා අන්ධකාරය
කුප්පි පානක් පිලේ එල්ලූ නමුත් සඳවත
පුංචි මල්ලී පෙනෙන්නට නැත නිදිද දැන්මම
"පොඩි මල්ලියෙ, පොඩි මල්ලියෙ"
කතා කරති පොඩි තරු කැට
අහසේ සිට අත්වැල් බැද
"හොරෙන් අම්මට එන්න මිදුලට" සද්දයක් නැත
පත්තුකර සඳකඩ පහන, එළිපත්ත උඩ තියා
ඉරීගිය තුන්හිරිය රටා මත දෙදන ඇන
ඔහු අදියි තනිව හිඳ නිශ්චලව
පුංචි ඞ්රොයින් පොතක
ඇයිද ඔය ගසන්නේ
සිදිලාද නුඹේ උල්පත් පෑන
මක් කරන්නද පුංචි මල්ලියෙ
මගේ එක සාටකෙත් සාක්කුව ඉරිලාය
කොයිතරම් තියෙනවද තවත් උත්තර ලියන්න ප‍්‍රශ්න
"තව ප‍්‍ර‍්‍රශ්න රාශියයි ලියන්නට විදියකුත් නෑ තමයි"
ඒත් මම කියන්නම්
අයිය අහගෙන ඉන්න
ඉතිහාසෙ අන්තිම ප‍්‍රශ්නෙට උත්තරය
"අයියණ්ඩිය බිය නොවන්න
පෙන්වන්නම් මම, මැරෙනා හැටි නොව ජීවත් වන හැටි"
රත්න ශ‍්‍රී විජේසිංහ
බිය නොවන්න අයියණ්ඩි කාව්‍ය සංග‍්‍රය
මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.
Subscribe to:
Posts (Atom)

